අද විදුලි කප්පාදුවක් නැහැ

අද දින විදුලි කප්පාදුවක් සිදු නොවන බව ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කරනවා.

විදුලිබල මණ්ඩලයේ ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා පැවසුවේ, පොහෝ දිනවල විදුලි ඉල්ලුම සමාලෝචනය කිරීමෙන් පසුව මෙම තීරණය ගත් බවයි.

අද පෝය දිනයක් වන බැවින් පද්ධති වලින් ඉල්ලුම අඩු බැවින් අවශ්‍ය ජනන ධාරිතාව ප්‍රමාණවත් වන බවයි හෙතෙම පෙන්වා දුන්නේ.