ලාංකීය ජනතාවට මෙන්ම ලෝකවාසි බෞද්ධ ජනතාවටත් වැදගත් වන නවම් පුන් පොහෝ දිනය අදට (12) යෙදී තිබෙනවා .
බුදුරජාණන් වහන්සේගේ අගසව් දෙනම වන සැරියුත් සහ මුගලන් මහ රහතන් වහන්සේලා විසින් එම තනතුරු ලැබුවේ අද වන වූ නවම් පොහෝ දිනයක වනවා .
එහි දී සැරියුත් මහරහතන් වහන්සේ ධර්ම සේනාධිපති වශයෙන් සහ මුගලන් මහරහතන් වහන්සේ ධර්ම පුරෝහිත වශයෙන් තනතුරු වල පිහිටුවනු ලැබුවා .
බුදුරජානන් වහන්සේ විසින් ආයු සංස්කාරය අත හැරියේ ද අද වන් වූ නවම් පොහෝ දිනයක බවයි ශාසන ඉතිහාසයේ දැක්වෙන්නේ.
එසේම බුද්ධ පරිනිර්වාණයෙන් පසුව සිදු කරන ලද ප්‍රථම ධර්ම සංගායනාව සිදු කර ඇත්තේ ද අද වන වූ දිනයක වනවා . ඒ කාශ්‍යප මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සහ අජාසත්ත රජුගේ අනුග්‍රහය යටතේ යි.
මේ ආකාරයෙන් විවිධ වැදගත්මකින් යුතු සිදුවීම් රැසක් සිදු වුණු අද දිනයේ ලංකාවාසී සහ ලෝකවාසී බෞද්ධ ජනතාව ආමිස සහ ප්‍රතිපත්ති පූජාවල නිරත වෙමින් ආගමානුකුලව දවස ගත කරනු ලබනවා .

