රාජ්‍ය සේවයට නව බඳවාගැනීම් 3,519ක්

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශ සඳහා පුරප්පාඩු 3,519ක් සඳහා බඳවාගැනීම් සිදුකිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්යමණ්ඩල කළමනාකරණය කිරීම පිණිස පත් කරන ලද කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ඉදිරිපත් කළ යෝජනාවට අනුවයි.

“7,000ක්,8,000ක්,10,000ක් බඳවා ගන්නවා කියලා කරන ඒවා නෙමෙයි මේ. සේවා අවශ්‍යතාව බලලා ප්‍රමුඛතාව මත තමයි බඳව ගන්නේ. හෝල්සේල් බඳවා ගැනීම් කරන්නේ නෑ. අගමැති කමිටුවේ අනුමැතිය ඇවිල්ලා තියෙනවා. උපරිම මාස දෙකක් ඇතුළත බඳවා ගැනීම් කරන්න පුළුවන් වේවි. මේ කිසිදු පත්වීමක් දේශපාලන වුවමනාවට පුරවන්නේ නෑ. ඒ ඇමතිගේ පළාතෙන් පුරවන්නේ නෑ, රාජ්‍ය සේවය තවදුරටත් බරක් වෙන තැනකට අපි ගේන්නේ නෑ.”