ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සියේ (USAID) සේවකයින් 2,200 දෙනෙකු වැටුප් සහිත නිවාඩු යැවීමේ තීරණයට එරට අධිකරණය විසින් තහනම් නියෝගයක් ලබා දී තිබෙනවා.
ඒ USAID විසුරුවා හැරීමේ සැලැස්ම නැවැත්වීමට උත්සාහ කරන වෘත්තීය සමිති දෙකක් විසින් ගොනු කරන ලද නඩුවකට ප්‍රතිචාර වශයෙනුයි.
කෙසේවෙතත් මෙම තහනම් නියෝගය ඉතා සීමිත තාවකාලින නියෝගයක් බවයි විනිසුරු Carl Nichols සඳහන් කළේ.
ට්‍රම්ප් එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන බවට නිවාඩු යැවීමට නියමිතව තිබූ සේවකයන් විසින් නඩුවක් ගොනු කරනු ලැබුවා .

