යෝජිත විදුලි බල පනත සංශෝධනයට අදාළව මහජන අදහස් ලබාගැනීමේ කාලය දීර්ඝ කරයි

යෝජිත විදුලි බල පනත සංශෝධනයට අදාළව මහජන අදහස් ලබාගැනීමේ කාලය ලබන 14 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව ඊට අදාළ ලිඛිත අදහස් එදින හෝ ඊට පෙර අංක 437, ගාලු පාර, කොළඹ 03 ලිපිනයේ පිහිටා ඇති බලශක්ති අමාත්‍යංශය වෙත පැමිණ හෝ තැපැල් මගින් යොමු කළ හැකි වනවා.

මෙම විදුලිබල පනත සංශෝධනයට අදාළ සංකල්ප පත්‍රිකාව https://powermin.gov.lk/ වෙබ් අඩවිය ඔස්සේ පරිශීලනය කිරීමේ හැකියාවද පවතිනවා .