විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම පිළිබඳව පවතින ගැටලුව මාස දෙකක් ඇතුළත සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබද අමාත්‍යංශයේදී ඊයේ පැවති සාකච්ඡාවකට එක්වෙමිනුයි.
දෛනිකව නිකුත් කෙරෙන විදෙස් ගමන් බලපත්‍ර ප්‍රමාණය වැඩි කිරීමටද තීරණය කර ඇති බවයි ඔහු මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර පැය 24 පුරා ක්‍රියාත්මක වෙමින් දෛනිකව විදෙස් ගමන්බලපත්‍ර 4,000ක් නිකුත්කිරිමේ යෝජිත වැඩපිළිවෙළ තවත් දින 10කින් පමණ ආරම්භ කිරීමට හැකිවනු ඇති බව ද ඔහු පැවසුවා.

