කොටස් වෙළඳපොළ අදත් පහළට

අඛණ්ඩව දෙවන දිනයටත් කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල පහළ යාමක් අද (06) දිනයේ දී වාර්තා වුණා.

ඒ අනුව අද දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 170.82කින් පහළ ගොස් ඒකක 15,878.60 ක් ලෙසින් වාර්තා විය.

එසේම රු. බිලියන 8.57 ක ගනුදෙනු පිරිවැටුමක් අද දිනයේ දී වාර්තා වුණා.

අඛණ්ඩ දින 26ක වර්ධනයකින් පසු කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල පහළ යාමක් පසුගිය සිකුරාදා (03) දින වාර්තා වූ අතර එහිදී සියලු කොටස් මිල දර්ශකය 299.13ක දැවැන්ත කඩා වැටීමක් වාර්තා කළේය.