ජනවාරි අග සිට රජයෙන් වී මිල දී ගැනීමේ සැලසුමක්

ජනවාරි 03 වන සතියේ සිට වී මිලදී ගැනීම් කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව රජය පවසනවා.

ලක්ෂ තුනක ප්‍රමාණයක් වී මිලදී ගැනීමට සැලසුම් කර ඇති බවයි වී මිලදී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්ලන්ද මහතා සඳහන් කළේ.

ඒ සඳහා වී අලෙවි මණ්ඩලය සතුව බහුතික ප්‍රතිපාදන පවතින බවත්, ඉතා ඉක්මනින් ඊට අදාළ මුදල් වෙන් කර ගැනීමේ කටයුතු සිදුකර ගැනීමට නියමිත බවත් සඳහන් කළා.

මෙලෙස ලබා ගන්නා වී රජයේ සංචිත වශයෙන් තබා ගන්නා අතර වෙළෙඳ පොළ තුළ සහල් හිඟවූ අවස්ථාවේදී පමණක් ඒවා නිකුත් කිරීමට බලාපොරොත්තු වනවා .