රුපියලේ සුළු පහළ යෑමක්

පසුගිය සතියට සාපේක්ෂව අද දිනයේ එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 289.07 සහ විකුණුම් මිල රු. 298.41 ක් ලෙස අද සටහන්ව තිබෙනවා.