දැඩි උණුසුමෙන් ආරක්ෂා වන ලෙස උපදෙස්

පවතින දැඩි උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ හිරු එළියට නිරාවරණය වීමෙන් වළකින්නැයි සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙනවා.

විජලනය වීම වළක්වා ගැනීම සඳහා දියර වර්ග වැඩි වශයෙන් පානය කළ යුතු බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය ජී විජේසූරිය මහතා සඳහන් කළේ.