කඩුවෙල ගංවතුර පාලනයට විශේෂ වැඩපිළිවෙලක්

කැලණි ගඟේ ගංවතුරින් කඩුවෙල නගර සභා බල ප්‍රදේශය යටවීම පාලනය කිරීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි සියලු පහත් බිම් ගොඩකිරීම පහත්බිම් ආශ්‍රිතව පස් සෝදා වැලි ගැනීමේ කටයුතු සියල්ල තහනම් කිරීමට තීරණය කළ බව කඩුවෙල ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ මහතා පවසනවා.

එසේම අඹතලේ  වැලි බාදකය වෙනුවට වඩදිය බාදිය අනුව බාදක දැමිය හැකි තාක්ෂණික බාදකයක් ඉදි කිරීම ලබන වසර තුල දී සිදු කිරීමටත් තීරණය කර තිබෙනවා.

කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ දී මෙම තීරණ ගෙන තිබෙනවා.

කෙටි කාලීන පියවරක් ලෙස කැළණි ගං ඉවුර ශක්තිමත් කර ගැනීමට අවශ්‍ය කටයුතු ඇතුලු තවත් පියවර රාශියක් ද එහි දී ගෙන තිබෙනවා.