සතොසින් දිනකට පොල් ගෙඩි ලක්ෂ දෙකක්

සතොස හරහා දිනකට අළෙවි කරන පොල් ගෙඩි සංඛ්‍යාව ලක්‍ෂ දෙකක් දක්වා හෙට (9) සිට වැඩි කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්‍ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශය පවසනවා.

රජය සතු පොල් ඉඩම්වල පොල් මෙසේ සතොස හරහා අළෙවි කරනු ලබනවා.

කොළඹ ඇතුළු නාගරික ප්‍රදේශවල ජනතාවට සතොසෙන් මෙම පොල් මිලදීගත හැකි වනවා.