අද (08) සිට දිනපතා වී මෝල් හිමියන් විසින් දෛනිකව නිෂ්පාදනය කරන මුලු සහල් ප්‍රමාණය, තොග ප්‍රමාණය මෙන්ම වෙළඳපොලට නිකුත් කරන සහල් ප්‍රමාණය සම්බන්ධයෙන් වාර්තා ලබා ගැනීමට රජය තීරණය කර තිබෙනවා.
පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ නිළධාරීන් විසින් ලබා ගන්නා එම වාර්තා ඉන් අනතුරුව වෙළඳ අමාත්‍යවරයා වෙත ලබා දීමට නියමිතයි.
පොළොන්නරුව ප්‍රදේශයේ සහල් මෝල් විශේෂ පරික්ෂාවට ලක් කිරීමටද පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය අද පියවර ගත්තා.
එම අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් සඳහන් කළේ, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදෙස් පරිදි සියලුම සහල් මෝල්වල තොරතුරු ලබාගැනීමට ඉදිරියේදී කටයුතු කරන බවයි.

