ආසියානු වයස 19න් පහළ ක්‍රිකට් ශූරතාව බංග්ලාදේශයට

ඉන්දීය කණ්ඩායම ලකුණු 59කින් පරාජය කර ආසියානු වයස 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට බංග්ලාදේශය සමත් වුණා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත් වූ මෙම තරගාවලියේ අවසන් මහා තරගය අද (8) ඩුබායිහිදී පැවැත්විණි.

පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 198ක් පමණි.

කෙසේ නමුත් පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ඉන්දියාව පන්දුවාර 32.2කදී ලකුණු 139කට සීමා කිරීමට බංග්ලාදේශ පන්දු යවන්නෝ සමත් වූහ.

මෙම ජයත් සමග අඛණ්ඩව දෙවැනි වරටත් ආසියානු යොවුන් ශූරයන් ලෙසින් කිරුළු පැළඳීමට බංග්ලාදේශය සමත් වුණා.