Hunter Biden හට කොන්දේසි විරහිත සමාවක්

ෆෙඩරල් බදු සහ තුවක්කු වැරදි සම්බන්ධයෙන් දඬුවම් නියම වූ වත්මන් අමෙරිකානු ජනාධිපති Joe Biden පුත් Hunter Biden, ජනපති බයිඩ්න් විසින් සමාව ප්‍රධානය කර තිබෙනවා .

Joe Biden එළඹෙන ජනවාරියේ සිය ධුරයෙන් ඉවත් වීමට සූදානම් ව විටින අවස්ථාවේ දීයි මෙම තීරණය ගෙන ඇත්තේ.

ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් ජනපති ජෝ බයිඩ්න් සඳහන් කළේ, “අද මම මගේ පුතා හන්ටර්ට සමාවක් අත්සන් කළා, විධායක සමාව දීමේ පිටපතකට අනුව එය “පූර්ණ සහ කොන්දේසි විරහිත සමාවක්” යනුවෙන්.

මෙම නිල සමාව දීම ජනාධිපති ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ට අවලංගු කළ නොහැකි එකක් ද වීම විශේෂත්වයක්.

තම පුතාට සමාව දීමෙන්, ජෝ බයිඩන් 2024 ජනාධිපති තරඟයෙන් ඉවත් වීමට පෙර සහ පසුව නැවත නැවතත් කළ ප්‍රසිද්ධ පොරොන්දුව පැහැර හැර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

2024 මැතිවරණයෙන් ට්‍රම්ප් ජයග්‍රහණය කිරීමෙන් පසුව වත්මන් ජනාධිපතිවරයා හෝ ඔහුගේ ඉහළම ධවල මන්දිර ප්‍රකාශකයා හෝ හන්ටර් බයිඩන්ට සමාව නොදෙන බව හෝ ඔහුගේ දඬුවම ලිහිල් නොකරන බව ප්‍රකාශ කර තිබුණා.