අදත් වායු ගුණාත්මකබව අහිතකර මට්ටමට

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වායු ගුණ තත්ත්ව දර්ශකය සුලු වශයෙන් අහිතකර මට්ටමක් දක්වා අද දිනයේ ඉහළ යා හැකි බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාහන වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා.

ඒ අනුව, වායු ගුණ තත්ත්ව දර්ශකය 86ත් 120ත් අතර අගයක දිනය පුරා පැවතිය හැකි බව සදහන්.

මෙම තත්ත්නවය හේතුවෙන් සංවේදී පුද්ගලයින්ට හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවුවහොත් වෛද්‍ය උපදෙස් සදහා යොමු වන ලෙස දැනුම් දී තිබෙනවා.

එසේම වව්නියාව, නුවරඑළිය, ඇඹිලිපිටිය, හම්බන්තොට, අනුරාධපුර නගරවල වායු තත්ත්ව දර්ශකය මධ්‍යස්ථ මට්ටමක පැවතිය හැක.