පළාත් කිහිපයකට මිලිමීටර් 200 ඉක්මවූ ඉතා තද වැසි

දිවයිනේ පළාත් කිහිපයකට ඉදිරි පැය 24 තුළ මිලිමීටර් 200 ඉක්මවූ ඉතා තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව උතුර, උතුරු මැද, නැගෙනහිර, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට එලෙස තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.

එමෙන්ම, දිවයින වටා වන ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සහ ගොඩබිම් සදහා රතු නිවේදනයක් ද නිකුත් කර තිබෙනවා

ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති බෙංගාල බොක්කේ පැවති පීඩන අවපාතය හෙට වන විට සුළි කුණාටුවක් දක්වා තීව්‍ර වීමට ඉඩ ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කරන්නේ.