දැදුරු ඔය නිම්නයට ගංවතුර අවදානමක්

දැදුරු ඔය නිම්නයේ පහත් බිම්වල ප්‍රදේශවලට ඉදිරි පැය කිහිපය තුළ ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අනතුරු ඇඟවීම් නිවේදනයක් වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත්කර තිබෙනවා.

වාරියපොළ, නිකවැරටිය, මහව, කොබෙයිගනේ, බිංගිරිය, පල්ලම, හලාවත, ආරච්චිකට්ටුව සහ රස්නායකපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පහත් බිම් ප්‍රදේශවලටයි මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇත්තේ.