බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය හෙට දිනය වන විට සුළි කුණාටුවක් දක්වා තීව්ර වීමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
එය මේ වන විට මඩකලපුවේ සිට කිලෝමීටර් 170ක් සහ ත්‍රිකුණාමලයට 240ක් පමණ දුරින් ගිනිකොණ දෙසින් පිහිටා ඇති බවයි එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.
එය දිවයිනේ නැගෙනහිර වෙරළට ආසන්නව ගමන් කර හෙට වන විට සුළි කුණාටුවක් දක්වා තීව්ර වීමට ඉඩ ඇති බව සදහන්.
මෙහි බලපෑමෙන් දිවයිනේ පළාත් කිහිපයකට ඉදිරි පැය කිහිපය තුළ මිලි මීටර් 200 ඉක්මවූ ඉතා තද වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
ඒ අනුව උතුර, උතුරු මැද, නැගෙනහිර, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට එලෙස තද වැසි ඇතිවිය හැකි බවයි එම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ.
ගතවූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය අම්පාරෙන් වාර්තාවන අතර එය සටහන් වුණේ මිලිමීටර 311.1ක් ලෙසයි.

