ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම් මගින් අනුග්‍රහය දක්වන ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම සදහා IMF කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් ආර්ථික ප්‍රතිසංස්කණ පිළිබද කාර්ය මණ්ඩල මට්ටමේ එකගතාවකට පැමිණ තිබෙනවා.
ඒ අනුව, විස්තීරණ අරමුදල් පහසුකමේ සිව්වැනි වාරික සදහා අද අනුමැතිය ලබා දුන් බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් කොළඹ අද (23) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී කියා සිටියේ.
2022 වසරේ ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයකට මුහුණ පෑ මෙරට ආර්ථිකය ප්‍රකෘතිමත් කරලීම වෙනුවෙන් 2023 මාර්තු මස 20 වැනිදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ ණය මුදලක් අනුමත කරනු ලැබුවා.
ඒ, ශ්‍රී ලංකාවේ ආර්ථිකය නගා සිටුවීම සඳහා වූ සිව් අවුරුදු ණය වැඩසටහනක් යටතේයි.
එහිදී පළමු වාරිකය ලෙස ඩොලර් මිලියන 333ක මුදලක් 2023 වසරේ මාර්තු 21 වැනිදා ශ්‍රී ලංකාවට හිමි වුණා.
එමෙන්ම දෙවන වාරිකය ලෙස ඩොලර් මිලියන 337ක් එම වසරේම දෙසැම්බර් මස 13 වැනිදා හිමිව තිබුණා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම යටතේ තුන්වන ණය වාරිකය මේ වසරේ ජුනි මසදී අනුමත කළ අතර තුන්වන ණය වාරිකය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 336ක් වෙත ක්ෂණික ප්‍රවේශය ලබා දීමට ජාත්‍යන්තර අරමුදල විසින් අනුමැතිය ලබා දෙනු ලැබුවේ මෙම වසරේ ජුනි මාසයේදී.
අමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ අරමුදල් පහසුකමේ සිව්වන වාරිකය ලබා දීමට අදාළ සාකච්ඡා පසුගිය ඔක්තෝබර් මස 02 වැනිදා පැවැත්වු අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය වැඩසටහන යටතේ ලබා ඇති ප්‍රගතිය ඉදිරියට ගෙනයාම සඳහා නව ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කරනු ලැබුවා.
ඊට අමතරව ශ්‍රී ලංකාවට පැමිණි අයි එම් එෆ් නියෝජිතයින් පාර්ශ්ව රැසක් සමගින් සාකච්ඡා පවත්වනු ලැබුවා.
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ IMF වැඩසටහනේ සාර්ථකත්වය රඳා පවතින්නේ පවත්නා පාලනය කෙරෙහි මහජනතාවගේ විශ්වාසය ගොඩනැඟීම මත බවයි.
මේ අතර මෙරටට පැමිණ සිටින ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර සාකච්ඡාවක්ද ඊයේ පැවැත්වුණා.
එහිදී වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දී ඇති බංකොලොත්භාවයෙන් මිදීමට පවතින ක්‍රමවේද සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු වී තිබෙනවා.
එමෙන්ම, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, වෛද්‍යවරුන් ඇතුලු වෘත්තිකයන්ගෙන් සැදුම්ලත් වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති සම්මේලනයේ නියෝජිතයින්ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් ඊයේ හමුවුණා.

