වේයන්ගොඩ – වඳුරව ප්‍රදේශයේ, ඉදිවෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගය ආසන්නයේ පොළොව යට ඇතැයි කියන නිධානයක් සොයා අදත් කැණීම් කටයුතු සිදු කෙරෙනවා.
ඒ, අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය මගින් ලබාදුන් නියෝගයකට අනුවයි.
ඒ අනුව එහි සිදු කළ කැණීමේදී හමු වූ දැවැන්ත ගල් කුට්ටිය විදුම් යන්ත්‍රයක ආධාරයෙන් කොටස් කිරීමේ කටයුතු දහවල් දොළහට පමණ ආරම්භ වී තිබෙනවා.
මෙම දැවැන්ත ගල් කුට්ටිය ඊයේ පස්වරුවේ විශාල දොඹකරයක ආධාරයෙන් ගොඩ ගැනීමට උත්සාහ ගත්තත් තිබූ තැනින් හැරවීමට වඩා දෙයක් කිරීමට නොහැකි විය.
ඒ අනුව ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම නවතා අධිකරණයට කරුණු වාර්තාකර ලබාගත් නියෝග මත මෙසේ අද තුන්වෙනි දිනයටත් කැණීම් කටයුතු සිදු කෙරෙමින් පවතිනවා
අත්තනගල්ල සහකාර පොලිස් අධිකාරී ප්‍රසාද් ප්‍රනාන්දු මහතා මෙම තත්ත්වය හමුවේ ගත යුතු ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් භූ විද්‍යා පතල් කැණීම් කාර්යාංශය පුරා විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතනයන්හි නිලධාරින් සමග සිදු කළ සාකච්ඡාවකින් පසු මෙම ගල් කුට්ටිය කැඩීමට පියවර ගැනිණි.
අදාල නිලධාරීන් මෙම ස්ථානය වටා රැස් වී සිටිමින් එය නිරීක්ෂණය කරමින් පවතින අතර පොලිස් අපරාධ ස්ථාන පරීක්ෂක නිලධාරීන් විසින් එහි ඡායාරූපගත කිරීමේ කටයුතු ද කරමින් පවතී.

