අපි හැමෝම කැමතියි නේ හවස තේ බොන වෙලාවට රස බිස්කට් එකක් කන්න .
කඩේ තියෙන බිස්කට් ටිකක් මේ දවස් වල මිලෙනුත් වැඩි වගේම , ඒවගේ රසත් ටිකක් එන්න එන්න අඩු වෙනවා වගේ කියලා මට නම් හිතෙනවා .
ඉතින් කඩේ බිස්කට් වෙනුවට ගෙදරදී ම ඔයාට හරිම ලේසියෙන් හරිම රසට හදා ගන්න පුළුවන් බිස්කට් රෙසිපි එකක් අද අපි ඔයාට අර ගෙන ආව .
හරිම අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් හදා ගන්න පුළුවන් නිසා මේක නම් ඕනෙම කෙනෙක්ට උත්සාහ කරලා බලන්න පුළුවන් .
අවශ්‍ය ද්‍රව්‍ය
- පාන් පිටි ග්‍රෑම් 100
- කෝන් පිටි ග්‍රෑම් 100
- අයිසින් සීනි ග්‍රෑම් 100
- බටර් ග්‍රෑම් 130
- වැනිලා තේ හැඳි 1
- ලුණු තේ හැඳි 1/4
සාදාගන්නා ආකාරය
බෝල් එකකට බටර් එකතු කර හොඳින් බීට් කරගන්න. එයට අයිසින් සීනි එකතු කර ක්‍රීම් වෙන තුරු බීට් කරගන්න. වැනිලා සහ ලුණු එකතු කර හොඳින් බීට් කර පිටි වර්ග 2 හොඳින් හලා ගන්න.
ටිකක් බීට් කර එකට එකතු වූ පසු අතින් Dough එකක් වගේ හදා ගන්න. ගොඩාක් තද කරන්නෙ නැතිව ඉතාම සැහැල්ලුවෙන් සාදා ගන්න.
ශීතකරණයේ විනාඩි 15 ක් තියන්න. Dough එක කොටස් 2 කට වෙන් කර සිලින්ඩර හැඩයට සාදා සමාන කොටස්වලට වෙන් කර බෝල සාදා තරමක් පැතලි කර ගන්න. පාච්මන්ට් කොලයක් උඩ ඒවා තබා ගැරුප්පුවකින් හෙමින් තද කර ගන්න.
එහෙමත් නැත්නම් piping pag එකක් ආධාරයෙන් වුණත් ලස්සනට මේ කුකීස් හදා ගන්න පුළුවන් .
අංශක 180 ට ප්රීහීටි කරගත් අවන් එකේ විනාඩි 10 -15 ක් බේක් කර ගන්න.


