පුටින් උතුරු කොරියාව සමඟ අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමකට එළඹෙයි

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්, උතුරු කොරියාව සමඟ නීති අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමකට අත්සන් තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .

පුටින් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් විසින් ජුනි මාසයේදී ප්යොංයැං හි පැවති සමුළුවකින් පසු මෙම ගිවිසුම අත්සන් කර තිබෙනවා .

සන්නද්ධ ප්‍රහාරයකදී අනෙකාගේ ආධාරයට පැමිණෙන ලෙස සෑම පාර්ශවයකින්ම ඉල්ලා සිටීමකට මේ හරහා එකඟ වී තිබෙනවා .

රුසියාවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය මේ සතියේ ගිවිසුම අනුමත කළ අතර පහළ මන්ත්‍රී මණ්ඩලය එය පසුගිය මාසයේදී අනුමත කළේය.

දකුණු කොරියාවේ සහ බටහිර රටවල වාර්තා සඳහන් කරන්නේ උතුරු කොරියාව විසින් රුසියාවට ආයුධ සපයා ඇති බවයි.