කොටුව සහ කන්කසන්තුරේ අතර නගරාන්තර දුම්රියක්

කොළඹ කොටුව – කන්කසන්තුරේ අතර නගරාන්තර දුම්රියක් අද (2) සිට ධාවනයට එක් කර තිබෙනවා .

සෑම සෙනසුරාදා හා ඉරිදා දිනකම මෙම නගරාන්තර දුම්රිය ධාවනය කෙරෙන බවයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ.ඉදිපොලගේ මහතා සඳහන් කළේ.

කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පෙරවරු 5.30 ට පිටත් වන දුම්රිය දහවල් 11.38ට කන්කසන්තුරේ දුම්රිය ස්ථානයට ළඟා වන අතර නැවත එදිනම පස්වරු 12.30 ට කන්කසන්තුරේ දුම්රිය ස්ථානයෙන් පිටත්ව රාත්‍රී 7.19 ට කොටුව දුම්රිය ස්ථානයට ළගා වීමට නියමිතය.

පළමු පන්තියේ මැදිරි දහයකින් සමන්විත මෙම නගරාන්තර දුම්රියේ එක් ගමන් වාරයක් සදහා ප්‍රවේශපත්‍ර ගාස්තුව රුපියල් 3200 ක් වනවා .