ඇෆ්ගන් කාන්තාවන්ට කතා කිරීමටත් තහනමක්

ඇෆ්ගනිස්ථානය අල්ලා ගෙන සිටින තලෙයිබාන් සංවිධානය විසින් එරට කාන්තාවන්ට තවත් තහනමක් පනවා තිබෙනවා .

ඒ අනුව ඇෆ්ගන් කාන්තාවන්ට තවත් කාන්තාවක් ඉදිරියේ දී කුරානය කියවීම සහ යාඥා කිරීම තහනම් වනවා .

එසේම  ඇෆ්ගන් කාන්තාවන්ට තවත් කාන්තාවකට ඇසෙන සේ කතා කිරීමද තහනම් වනු ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ .

තලෙයිබාන් ත්‍රස්තවාදීන් පාලනය අල්ලා ගත් අවස්ථාවේ සිට මේ දක්වා එරට කාන්තාවන්ට විවිධ තහනම් පනවා තිබෙනවා .

ඔවුන්ට උසස් අධ්‍යාපනය ලැබීම , උද්‍යාන වලට යෑම, නාදුනන පිරිමින් සමඟ කතා කිරීම , වර්ණවත් ඇඳුම් ඇඳීම ඇතුළු තවත් බොහෝ දෑ තහනම් කර තිබෙනවා .