සියලු කොටස් මිල දර්ශකය ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (07) ඒකක 111.15 කින් ඉහළ ගොස් තිබෙනවා.

අද දිනයේ එය සටහන් වූයේ 12,164.64 ක් ලෙස‍යි.

දෛනික පිරිවැටුම රුපියල් බිලියන 2.77ක් බවයි වාර්තා වෙන්නේ.