රාත්‍රී කාලයේත් ප්‍රදේශ රැසකටම වැසි

බස්නාහිර, වයඹ, නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පළාත්වලත් මුලතිව්, වවුනියාව, මන්නාරම සහ මාතලේ දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

වැස්ස ඇති වන අවස්ථාවේ දී ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවයි, එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇති විය හැකියි.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවන්ගේ කාරුණිකව ඉල්ලා සිටිනවා.