Huawei විසින් තුන් ගුණයකින් යුත් මෝස්තරයක් සහිත ලොව ප්‍රථම දෙවරක් නැමිය හැකි තිර තුනකින් සමන්විත ස්මාර්ට් ජංගම දුරකථනය වන Huawei Mate XT Ultimate හඳුන්වා දී තිබෙනවා.
ඇපල් ආයතනය සිය නවතම iphone 16 නිකුත් කර පැය කිහිපයකට පසු Huawei ආයතනය විසින් මෙය වෙලඳපොළට හඳුන්වාදීම විශේෂත්වයක්.
මෙම දුරකතනයේ Display එක කොටස් තුනකින් යුක්ත වන අතර එය සම්පූර්ණයෙන්ම දිග හැරුණ විට අඟල් 10.2ක් වේ.
වම්පස කොටස පසුපසට නැවීමෙන් තිරය අගල් 7.9ක් දක්වා අඩු වන අතර දකුණු පස කොටස නැවීමෙන් තිරය අඟල් 6.4ක් දක්වා අඩු කර සාමාන්‍ය ස්මාට් දුරකථනක ප්‍රමාණයට පත්වේ.
මෙහි තිරය නම්‍යශීලී LTPO OLED තාක්ෂණයෙන් යුක්ත වන අතර 120 Hz ක refresh rate එකක් ඇති අතර වර්න බිලියන 1 ක් සඳහා සහය දක්වයි.
මෙම දුරකතනය සඳහා 5,600mAh බැටරියක් ලබ දී ඇති අතර පිටුපස මෙගාපික්සල් 50ක ප්‍රධාන කැමරාවකින්, මෙගාපික්සල් 12ක අල්ට්‍රාවයිඩ් සහ මෙගාපික්සල් 12ක පෙරිස්කෝප් කැමරාවකින් සමන්විත ත්‍රිත්ව කැමරා පදධතියකින්ද සහ මෙගාපික්සල් 8 ක ඉදිරිපස කැමරාවකින්ද සමන්විතය සමන්විතයි.
එය HarmonyOS 4.2 යන නවතම Operating system (OS) යටතේ ක්‍රියාත්මක වනු ලබනවා .
මෙම දුරකථනය නැමුම් දාර සහ කැමරාව වටා අලංකාර රන් ආවරනයක් සහිතව කළු හෝ රතු පැහැයෙන් නිකුත් කර තිබෙනවා.
චීන යුවාන් 21,999(ඩොලර් 3,089) වැනි අධික මිලකට මෙම දුරකථනයේ ආරම්භක මිළ සටහන් කර ඇති අතර චීන වෙලඳපොලේ දැනට ඇති මිල අධිකම දුරකථනට අතරට එකතු වනවා.
කෙසේවතත් මෙම දුරකථනය චීනයෙන් පිටත වෙලඳපොළට නිකුත් කරනවාද යන්න ගැන කිසිම සඳහනක් නැත.

