හිටපු පේරු ජනාධිපති Alberto Fujimori ජීවිතක්ෂයට

හිටපු පේරු ජනාධිපති Alberto Fujimori (ඇල්බර්ටෝ ෆුජිමෝරි) ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .

මාඕවාදී කැරලිකරුවන්ට එරෙහි ඔහුගේ ම්ලේච්ඡ මර්දනය හේතුවෙන් මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනාව යටතේ සිට ගත වී සිටිය දී ඔහු මෙලෙස මිය ගොස් ඇත්තේ .

පිළිකාව සමඟ දිගු සටනකින් පසුව තම පියා දෙවියන් වහන්සේ හමු වීමට ගොස් ඇතැයි ඔහුගේ දියණිය Keiko Fujimori, X සමාජ මාධ්‍යයෙන් සටහන් කර තිබෙනවා .

ඔහු මිය යන විට 86 හැවිරිදි වියේ පසු වුණා.

ජපන් සංක්‍රමණිකයින්ගේ පුත්‍රයෙකු වන ෆුජිමෝරි 1990 දී ජනාධිපති ලෙස තේරී පත්වන විට කෘෂිකාර්මික විශ්ව විද්‍යාලයක කුලපතිවරයෙක් ලෙස කටයුතු කරමින් සිටියා .

එරට කාලයක් තිස්සේ පැවති අධි උද්ධමනය අවසන් කරමින් , ලතින් ඇමරිකාවේ වඩාත්ම ස්ථාවර ආර්ථිකයක් ඇති රට බවට පේරු රාජ්‍ය පත් කිරීමට ඔහුට හැකි වුණා.

කෙසේවෙතත් මාඕවාදී කැරලිකාර කණ්ඩායම මැඩලීම සඳහා අනුගමනය කරන ලද දැඩි ත්‍රස්ත විරෝධී ප්‍රතිපත්තිය හේතුවෙන් සහ අල්ලස් , දූෂණ චෝදනා හේතුවෙන් ඔහු පසුව ජනතාව අතර අපකීර්තියට පත් වුණා.

පසුව ඔහුව චිලි රාජ්‍යයේ දී අත්අඩංගුවට ගෙන 2009 දී වසර 25 ක සිර දඬුවමක් නියම කරනු ලැබුවා .