ඕස්ට්‍රේලියාවට භූ කම්පනයක්

ඕස්ට්‍රේලියාවේ, මස්ලිබෲක් නගරයේ භූ කම්පනයක් සිදුව තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

එහි ප්‍රබලත්වය මැග්නිටියුඩ් ඒකක 4.5ක් ලෙසයි දැක්වෙන්නේ

මේ හේතුවෙන් මස්ලිබෲක් නගරයේ හා ඒ අවට ප්‍රදේශ රැසක් විදුලිය විසන්ධි වී ඇති බවද වාර්තා වනවා.

අද (07) වාර්තා වූ භූ කම්පනය කිලෝමීටර් 05ක් පමණ ගැඹුරින් පොළොව අභ්‍යන්තරයේ සිදු වී ඇති බවයි පැවසෙන්නේ.