ගගනගාමීන් රහිතව බෝයිං ස්ටාර් ලයිනර් පෘථිවියට

බෝයිං ස්ටාර් ලයිනර් (boeing starliner) යානය ගගනගාමීන් රහිතව පෘථිවියට පැමිණීයා.

ඒ තාක්ෂණික දෝෂයක් නිසා හතර වතාවක් පමණ පෘථිවියට පැමිණීම ප්‍රමාද වෙමින් තිබූ පසුබිමකයි.

පැය 6ක ගමනකින් පසුවයි ස්ටාර්ලයිනර් පෘථිවි වායුගෝලයට නැවත ඇතුලු වුණේ.

නිව් මෙක්සිකෝවේ White Sands අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ළඟාවීම පැරෂුට් මගින් සිදු කිරීමටයි කටයුතු කෙරුණේ.

බුච් විල්මෝර් හා සුනීතා විලියම්ස් යන ගගන ගාමීන් සමගින් දින 8ක අත්හදා බැලීමේ චාරිකාවක් සඳහා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් මෙම යානය පිටත්ව ගියේ පසුගිය ජුනි 06 වැනිදායි.

නමුත් මාස තුනකට අධික කාලයක් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිටීමට සිදුවූ මොවුන්ට නැවත පෘථිවියට පැමිණීමට හැකිවන්නේ ලබන වසරේ පෙබරවාරි මාසයේදී බවයි පැවසෙන්නේ.