2024 – 07 – 17

හිරු නැගීම – 06 : 00

හිරු මුදුන් වීම – 12 : 15

හිරු බැසීම – 18 : 19

අද ජූලි මාසේ දාහත්වෙනිදා, බදාදා.

අද සතියේ මැද දවස. ඒ නිසා ගොඩක් අය වැඩ කරපු දවස් දෙකටත් අයියෝ කියන, තව දවස් දෙකක් වැඩ කරන්න තියෙන එකටත් අයියෝ කියන දවසක් තමයි අද.. හිකිස්..

ඉතින් අද දවස ගත්තොත් අද World Emoji Day එක. Emoji කියන්නේ මොනවද කියලා අමුතුවෙන් කියන්න ඕනි නැහැ නේ. සරලවා කියනවා නම් තාක්ෂණ යුගයේ රූපාක්ෂර. අතීතයේ ඊජිප්තු ජනතාවත් එයාලගේ පිරමිඩ ඇතුලේ යම් දේවල් සංකේතවත් කරන්න රූප අකුරු විදිහට යොදා ගෙන තියෙනවා නේ. අද වෙනකොට අපි text එකක් හරහා අපේ හැඟීම් යවනවා වගේ වැඩක් තමයි මේ Emoji යවලා කරන්නේ.

Emoji කියන දේ ඉස්සෙල්ලම ලෝකෙට හඳුන්වලා දීලා තියෙන්නේ ජපානය විසින්. ජපානයේ නිෂ්පාදනය කරන ජංගම දුරකථන වල මෙහෙම විවිධ හැඟීම් නිරුපනය කරන රූප එක් කරලා තියෙනවා. ඒවා තමයි පසුකාලීනව මේ Emoji විදිහට වැඩි දියුණු වුණේ, Emoji කියන වචනයත් ඇත්තටම ජපන් වචනයක්. එකේ e කියන එකෙන් කියවෙන්නේ රූපය කියන තේරුම සහ moji කියන එකෙන් character එක. 2000 කාලේ දී තමයි හිනා වෙන මුහුණු 1000 කින් විතර සමන්විත වුණු graphic එකක් release කරලා තියෙන්නේ.

මේ වෙනකොට නම් තමන්ගේම මුහුණ දා ගෙන Emoji එකක් නිර්මාණය කර ගන්න පුළුවන් වන තරමට සහ AI භාවිතා කරලා තමන්ගේ හිතේ තියෙන Emoji එක හදා ගන්න පුළුවන් තරමට මේ තාක්ෂනය දියුණු වෙලා.

අද යෙදිලා තියෙන තවත් දවසක් තමයි Yellow Pig Day එක. ටිකක් පිස්සු දවසක් වගේ හිතුනාට මේකේ ගණිතමය දවසක්. 17 කියන ඉලක්කම සමරන දවසක් කිව්වොත් වැරදි නැහැ. ඉතින් ඔයා ගණිතයට ආස කෙනෙක්‌ නම් මේ 17 ඉලක්කම ගැන වැඩියෙන් ඉගෙන ගන්න අද හොඳ දවසක්.

එහෙනම් අද දවස සතුටින් ගත කරන්න. හැම කෙනාත් එක්කම වගේ හිනාවෙලා හොඳින් ඉන්න.

ජය වේවා! තෙරුවන් සරණයි!