තවත් වසර 03කින් විදුලි බිල තවදුරටත් පහළ දමන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ, අද (16) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“ඉදිරියේදී තවදුරටත් විදුලි ගාස්තු පහත හෙළිමට හැකියාවක් තිබෙන්නේ ජනන ගාස්තු අඩු කර ගැනීමෙන් පමණයි. ඒ සඳහා අඩු වියදම් බලාගාර සීඝ්රයෙන් ඇති කළ යුතුයි. මෙම නව බලාගාර ඉදිරි වසර තුන ඇතුළත ඉදිකර අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ අනුව ඉදිරි අවුරුදු තුනෙන් පසුව මීටත් වඩා විදුලි ගාස්තු අඩු කිරීමට අපේක්ෂා කරනවා. “

