වර්ජනවලට එක් නොවූ රාජ්‍ය සේවකයින් සඳහා රුපියල් දස දහසක දීමනාවක් ලබාදීමේ කැබිනට් තීරණයට විරෝධය පළ කරන බව ගුරු විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය පවසනවා.
ඔවුන් පවසන්නේ ඒ අනුව ලබන සඳුදා සිට තමන් අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වන බවයි.
වැටුප් විෂමතාවලට විසඳුම් ඉල්ලා පසුගිය 08 සහ 09 දෙදින ගුරු විදුහල්පතිවරුන් ද ඇතුළුව රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය වෘත්තිය සමිති රැසක් අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තිය ක්‍රියාමාර්ගවල නිරත වුණා.
කෙසේවෙතත් එම වෘත්තිය ක්‍රියාමාර්ගවලට සහභාගි නොවී සේවයට වාර්තා කළ විධායක ශ්‍රේණියෙන් පහළ නිලධාරීන් සඳහා එක්වරක් පමණක් හිමිවන අයුරින් රුපියල් 10,000ක දීමනාවක් ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.
මෙම තීරණය සම්බන්ධයෙන් සහ ඉදිරි වෘත්තිය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වෘත්තිය සමිති නියෝජිතයින් මෙලෙස අදහස් පළ කරමින් කියා සිටියේ එළඹෙන 22 වෙනිදා සිට සති දෙකක අකුරට වැඩ කිරීමේ ක්රියාමාර්ගයකටයොමු වන බවයි.

