විදුලි බිල අඩු කිරීමත් සමඟ ඇතැම් ආහාර ද්‍රව්‍යවල මිල ද පහළ යන බව සමස්ත ලංකා ආපනශාලා හා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.
ඒ අනුව බත්, ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු මිල රුපියල් 25 කින් අඩු කෙරෙන බවයි එම සංගමය පවසන්නේ.
එමෙන්ම පරාටා, බිත්තර රොටී ඇතුළු කෙටි ආහාර රුපියල් 10කින් අඩු කරනු ලබනවා.

