ICC වාර්ෂික මහා සමුළුව මෙවර ශ්‍රී ලංකාවේ දී

ICC වාර්ෂික මහා සමුළුව ලබන සිකුරාදා ශ්‍රී ලංකාවේදී ආරම්භ වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තහවුරු කර තිබෙනවා.

සමුළුව ජූලි මස 19 වැනිදා සිට 22 වැනිදා දක්වා සාමාජික රටවල් 108ක නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ආසියානු කලාපයේ රටකදී ICC සමුළුව පැවැත්වෙන පළමු අවස්ථාව මෙය බවයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මහා සමුළුවට ලොවපුරා ICC සාමාජික රටවල් 108ක නියෝජිතයින් 220 දෙනෙකු එක්වීමට නියමිතයි.

ඊට ආසියා, අප්‍රිකා, අමෙරිකා සහ නැගෙනහිර ආසියා පැසිෆික් කලාපීය සහ යුරෝපා නියෝජිතයින් ඇතුළත්. 

මෙම සමුළුවේදී 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙලට ක්‍රිකට් තරග ඉසව්ව ඇතුළත් කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් සාකච්ඡාව කිරීමට නියමිතයි.