අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ දඩ මුදල් වැඩි කිරීම සඳහා වන සංශෝධනයට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.
නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කළ සංශෝධිත පනත් කෙටුම්පත සඳහා මෙසේ නීතිපතිවරයාගේ අවසරය ලැබී තිබෙනවා.
අපරාධ නඩු විධාන සංග්‍රහයේ පවතින දඩ මුදල් වත්මන් මුදල් අගය මත වැඩි කිරීමට හැකි වන ලෙස අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝධනය කිරීම සඳහා 2023-11-27 වැනිදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබුණා.
එම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවටයි මෙසේ අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලැබී ඇත්තේ.

