විමලසුරෙන්ද්‍ර ජලාශය වාන් දමයි

විමලසුරෙන්ද්‍ර ජලාශය අද (13) උදැසන සිට වාන් දැමිමට පටන්ගෙන තිබෙනවා.

ඇද හැලෙන අධික වර්ෂාවත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල ධාරිතාව පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතිනවා.

ජල මට්ටම ඉහල යමින් පවතින නිසා කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය සහ විමලසුරේන්ද්‍ර යන ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදු කරන බවයි විදුලි බලාගාර භාර ඉංජිනේරුවන් පවසන්නේ