විදුලිබල ක්ෂේත්‍රය ප්‍රතිව්‍යුහගතකරණයට ඩොලර් මිලියන 100ක්

විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල වෙනුවෙන් ඩොලර් මිලියන 100ක ප්‍රතිපත්තිමය ණය ආධාරයක් ආසියානු සංවර්ධන බැංකුව මගින් අනුමත කර තිබෙනවා.

X පණිවුඩයක් නිකුත් කරමින් විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් ආසියානු සංවර්ධන බැංකුවට සිය ස්තූතිය පුදකරන බවයි.

පසුගියදා පාර්ලිමේන්තුවේදී සම්මත කරගත් නව විදුලිබල පනතට අනුව විදුලිබල ක්‍ෂේත්‍රයේ තිරසාර මෙහෙයුම් වෙනුවෙන් එම මුදල් යොදාගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළා.

එමෙන්ම පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය වෙනුවෙන් වන ආයෝජන වේගවත් කිරීමටද මෙය පිටුවහලක් වනු ඇති.