අනුරාධපුර ශ්‍රී දළදා පෙරහැර ලබන 20 වනදා

විසිහත්වන වරටත් පවත්වනු ලබන අනුරාධපුර, ශ්‍රී දළදා පෙරහැර ලබන 20 වනදා වීථි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.

ඓතිහාසික අනුරාධපුර පුරාණ දළදා මාලිගාව අබියස සිදු කරනු ලබන ආගමික වතාවත් වලින් අනතුරුව ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසට ගොස් හස්තිරාජයා මත කරඬුව තැන්පත් කිරීම එදින පස්වරුවේ සිදුකෙරෙනු ඇති.

අනතුරුව ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස සිට අභයගිරි විහාරස්ථානය දක්වා පෙරහැර වීදි සංචාරය කරනු ලබන අතර, එය උඩරට, පහතරට, සබරගමු යන නර්තනාංග සහ කලාංග වලින් සමන්විත වනවා.