2024 – 07 – 13

හිරු නැගීම – 06 : 00

හිරු මුදුන් වීම – 12 : 14

හිරු බැසීම – 18 : 19

අද ජූලි මාසේ දහතුන්වෙනිදා, සෙනසුරාදා.

අද නම් ගොඩක් අයට නිවාඩු දවසක්. සතියකම වෙහෙස නිවා ගන්න තියෙන්නේ මේ අදයි හෙටයි තමයි.

අද දවසේ විශේෂත්වය ගත්තොත් අද ගල් දවස… ඔව්, ගල් වෙනුවෙන් පවා දවසක් වෙන් කරලා තියෙනවා International Rock Day එක විදිහට. ඛනිජ එකතු වෙලා ස්වාභාවිකව නිර්මාණය වුණු ඝන දෙයක් විදිහට ගල් හඳුන්වන්න පුළුවන්. lithosphere එහෙමත් නැත්නම් ශිලාගෝලය කියන පෘථිවියේ බාහිරම කොටස හැදිලා තියෙන්නේ මේ ගල් වලින්. එක එක ජාතියේ ගල් තියෙනවා.

ගල් යුගයේ ඉදන් මිනිස්සු මේ ගල් භාවිතා කරලා තියෙනවා ආයුධයක් විදිහට, සහ ගින්දර වගේ දේවල් හදා ගන්න. මේ ගල් වල කාබන් කාල නිර්ණය කරලා අපිට විවිධ නටඹුන් වල වයස තීරණය කරන්නත් පුළුවන්. ගල් කියන දේ ස්වාභාවිකව බහුලව ලබා ගන්න පුළුවන් වීම සහ එහි ශක්තිමත්බව සහ කල් පැවැත්ම නිසා මේ ගල් අතීතයේ ඉඳන් ම විවිධ දේවල් හදන්න උපයෝගී කර ගෙන තියෙනවා.

මේ ගල් වලින් කරපු අපූරු නිර්මාණ ගොඩක් දැනටත් ඉතුරු වෙලා තියෙනවා. උදාහරණ විදිහට අනුරාධපුර සහ පොළොන්නරුවේ තියෙන පිළිම, Moai නැගෙනහිර දූපත, Stonehenge, Pumapunku කියන දේවල්. මේ දේවල් ඇත්තටම පුදුම සහගත නිර්මාණයන්. කොච්චර ද කියනවා මේවාගෙන් බහුතරයක් පිටසක්වල ජීවින් විසින් නිර්මාණය කළා කියලා තමයි කියන්නේ. ඒ තරමන්ට මේ නිර්මාණ සංකීර්ණයි සහ සියුම්.

Pumapunku

අද නිවාඩු දවසක් නම් පොඩ්ඩක් මේ තැන් ගැනත් හොයලා බලන්න, මේ දේවල් එක්ක බැඳුනු ලස්සන අමුතු කතා ගොඩක් අහන්න දකින්න පුළුවන් වෙනවා.

අද තියෙන තවත් විශේෂ දවසක් තමයි World Rum Day එක. Rum කියන්නේ ටිකක් පැණිරස මද්‍යසාර වර්ගයක්. මේවා හදන්නේ උක් වලින්. Caribbean සහ බටහිර ඉන්දීය දූපත් වල තමයි මේ මත්පැන් වර්ගය ආරම්භ වුණා කියලා කියන්නේ.

2019 වසරේ දී තමයි මෙහෙම දවසක් ආරම්භ වෙලා තියෙන්නේ. Paul Jackson කියන ලේඛකයා තමයි මෙහෙම දවසක් නම් කරන්න මූලික වෙලා කටයුතු කරලා තියෙන්නේ.

ඉතින් අද දවස සතුටින් ගත කරන්න… නිවාඩු දවස් දෙකේ සැහැල්ලුවෙන් ඉන්න ගමන් ඔයාගේ වැඩ තියෙනවා නම් ඒ දේවල් කර ගන්න.

තෙරුවන් සරණයි! ජය වේවා!