පාරින්ද රණසිංහ නීතිපති ධූරයේ දිව්රුම් දෙයි

ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරයෙකු වූ පාරින්ද රණසිංහ ඊයේ පස්වරුවේ නව නීතිපති ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.

ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ ජනාධිපති කාර්යාලයේදී මෙලෙස ඔහු නව නීතිපතිවරයා ලෙස දිවුරුම් දුන් බවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 61 ඊ (ආ) වගන්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත්වීම සිදු කර ඇත.

ජනාධිපති නීතිඥ කේ. ඒ. පාරින්ද රණසිංහ මහතා මෙරට 49 වන නීතිපතිවරයා වනවා.