යුක්රේනයේ කීව් අගනුවර ස්ථාන කීපයක් ඉලක්ක කර ගනිමින් රුසියන් හමුදාව මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා.
එක් ප්‍රහාරයකින්, ඔහ්මට්යාඩ් නමැති ළමා රෝහල ද විනාශ වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
රෝහලට එල්ල වූ ප්‍රහාරයෙන් පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.
ප්‍රහාරයත් සමඟ රෝහල් ගොඩනැගිල්ලේ පිපිරීම් කීපයක් සිදු වී තිබෙනවා.
පිළිකා රෝගීන්ට ප්‍රතිකාර ලබා දෙන සහ ඉන්ද්‍රයන් බද්ධ කිරීම් සිදු කරන කීව් අගනුවර ප්‍රධාන පෙළේ රෝහලක් ලෙස ඔහ්මට්යාඩ් ළමා රෝහල සැලෙකයි.
මේ ප්‍රහාර වලින් පුද්ගලයන් 36 දෙනකු ජීවිතක්ෂයට පත් වී ඇති අතර, 140 කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.

