සජබ රජයකින් උතුරු නැගෙනහිර පළාත්වලට අලුත් තැනක්

සමගි ජන බලවේග රජයක් තුළ උතුර සහ නැගෙනහිර පළාත් සංවර්ධනය කර, මෙතෙක් කල් නායකත්වයක් නොලැබුණු ජාත්‍යන්තර ආධාරක සමුළුවක් කැඳවන බව, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ අදහස් පළ කළේ මන්නාරමේ පැවති සක්වළ වැඩසටහනකදීයි.

සක්වළ වැඩසටහනේ 297 වැනි අදියර යටතේ මන්නාරම ශාන්ත ජෝසෆ් මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 12කට ආසන්න වටිනාකමින් යුත් සුහුරු පන්ති කාමර උපකරණ ලබා දුන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන්.

පාසැල් පුස්තකාලයට පොත් ලබා ගැකීම සඳහා රුපියල් ලක්ෂයක මුදලක් ද මෙහිදී විපක්ෂ නායකවරයා පරිත්‍යාග කළා.