ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස අද (05) උදෑසන යළිත් ධුරයේ කටයුතු ආරම්භ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා.
පක්ෂයේ නීත්‍යානුකූල මහ ලේකම්වරයා ලෙස තවමත් කටයුතු කරන්නේ තමන් බවයි දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා අවධාරණය කරන්නේ.
ඒ අනුව යළි ධුරයේ කටයුතු ආරම්භ කරන අවස්ථාවට සියලුදෙනාට එක්වන ලෙසට ආරාධනා කරන බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
එමෙන්ම, එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති රෝහණ ලක්ෂමන් පියදාස මහතා පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස දයාසිරි ජයසේකර මහතා පිළිගන්නා බවයි.
ඉදිරි ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
කෙසේවෙතත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ පක්ෂයෙන් ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම ඵල රහිත ක්‍රියාවක් බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහාය දක්වන අපේක්ෂකයා අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරන බවත්ය.
මේ අතර මේ වන විට කොළඹ ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය ආසන්නයේ ආරක්ෂාව තර කිරීමට පොලීසිය කටයුතු කර ඇති බව වාර්තා වෙනවා.

