මෙම වසර අවසන් වනවිට ශ්‍රී ලංකාව පලස්තීන ජනතාව සමග එකට එක්ව කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
විපක්ෂ නායකවරයා ඒ බව සඳහන් කළේ මඩකලපුවේ පැවති වැඩසටහනකට එක්වෙමින්.
සක්වළ සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 284 වැනි අදියර යටතේ මඩකලපුව එරාවුර් අල් අස්හර් උසස් බාලිකා විද්‍යාලයට රුපියල් ලක්ෂ 12 කට ආසන්න වටිනාකමකින් යුත් සුහුරු පන්ති කාමර උපකරණ පරිත්‍යාග කිරීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.

