යුක්තිය මෙහෙයුම යටතේ ගතවු පැය 24ට දිවයින පුරා අපරාධකරුවන් 1426ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් කිලෝ 01යි ග්‍රෑම් 86ක්, අයිස් ග්‍රෑම් 782යි මිලි ග්‍රෑම්722ක්, ගංජා කිලෝ 03යි ග්‍රෑම් 774ක්, මාවා කිලෝ 01යි ග්‍රෑම්100ක්, මදන මෝදක ග්‍රෑම්550යි මිලි ග්‍රෑම් 700ක්, තුල් ග්‍රෑම් 86යි මිලි ග්‍රෑම්18ක් ඈෂ් ග්‍රෑම් 380යි මිලි ග්‍රෑම්64ක් සහ මත්පෙති1085 සොයාගත් බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ.
මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 1403ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය හා පොලිස් විශේෂ කාර්යංශ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 213ක් වන බවයි වාර්තා වන්නේ.

