බ්‍රිතාන්‍යයේ අගමැති පුටුව කම්කරු පක්ෂයට

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කම්කරු පක්ෂයට වසර 14කට පසු විශිෂ්ඨ ජයග්‍රහණය හිමි වන්නට හැකි බව විචාරකයන් සඳහන් කරනවා.

ඊයේ (04) පැවති ඡන්ද විමසීමේදී විපක්ෂ නායක කෙයිර් ස්ටාමර් නියෝජනය කළ කම්කරු පක්ෂය ආසන 410ක් ලබාගෙන ඇති අතර, අග්‍රාමාත්‍ය රිෂී සුනක්ගේ කොන්සර්වේටිව් පක්ෂයට ලබාගැනීමට හැකි වී ඇත්තේ ආසන 131ක් ලබාගෙන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව, කම්කරු පක්ෂ නායක කෙයිර් ස්ටාමර් නව අග්‍රාමාත්‍යවරයා වනු ඇති බවයි ඔවුන් පවසන්නේ.

මෙම මහ මැතිවරණයෙන් මන්ත්‍රීවරුන් 650ක් තෝරා ගැනෙන අතර, අග්‍රාමාත්‍ය රිෂී සුනක්ට විපක්ෂ නායක ධුරය හිමිවනු ඇති.