අධ්‍යාපන සහ විශ්වවිද්‍යාල අනධ්‍යන සේවක වැඩ වර්ජනය තවදුරටත්

අධ්‍යාපන අනධ්‍යන සේවකයින් ඊයේ ආරම්භ කළ වැඩවර්නය අද දිනයේත් ක්‍රියාත්මක කර තිබෙනවා.

සිය ඉල්ලීම්වලට බලධාරීන් මෙතෙක් යහපත් ප්‍රතිචාර ලබාදී නොමැති බවයි අධ්‍යාපන අනධ්‍යන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් අජිත්.කේ.තිලකරත්න මහතා සඳහන් කළේ.

මේ අතර විශ්වවිද්‍යාල සේවකයින් ආරම්භ කර ඇති වැඩවර්ජනය අඛණ්ඩව තවදුරටත් ක්‍රියාත්මක කරන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසයි.

එහි සමසභාපති ධම්මික ප්‍රියන්ත මහතා සඳහන් කළේ, සිය ගැටපු සම්බන්ධයෙන් අද දිනයේ දී වැටුප් කොමිෂන් සභාව සමග සාකච්ඡාවක් ද පැවැත්වෙන බවය.

එසේම ගුරු- විදුහල්පති වෘත්තීය සමිති ද හෙට දිනයේ දීපව්‍යාප්ත වැඩවර්ජනයක නිරත වන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලිං මහතා සඳහන් කළේය.