විමලසුරෙන්ද්‍ර ජලාශය වාන් දමයි

වර්ෂාවත් සමග විමලසුරෙන්ද්‍ර ජලාශය අද (25) උදැසන සිට වාන් දැමීමට පටන්ගෙන තිබෙනවා.

එසේම කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටම ආසන්න වෙමින් පවතින බව ජලාශ භාර ඉංජිනේරුවන් පවසනවා.

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම්වලට ඊයේ (24) රාත්‍රියේ සිට අධික වැසි පවතිනවා.

වර්ෂාව හේතුවෙන් එම ප්‍රදේශවල මාර්ග ලිස්සන සුළු බැවින් රථ වාහන ධාවනයේදි සැලකිලිමත් වන්නැයි පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.